සේවාමුක්ත කදවුර මහා විද්‍යාලය

ඉගෙනුම පුළුල් විෂය ක්ෂේත්‍රයක විහිද යන්නකි.එය ජීවිත අතිමහත් බවටද ඉතාම සරල බවටද පත් කරයි,මනුෂ්‍යා ඉගෙනුම් කුසලතාවෙන් උත්කෘෂ්‌ටය,මානව සමාජ සංවර්ධනය කේන්ද්‍රකොටගත් රටක් සමාජයක් බුද්ධිය විසින් හදුනා ගන්නා ලද අසම්මත බැහැර කිරීමටද සුභාවිතයන් මගින් නව ලොවක් නිර්මාණය කර ගැනීමටද මෙවලමක් කර ගනු ලබන්නේ ඉගෙනුමය.ශිග්‍රයෙන් වෙනස් වන සමාජයක නුතන ප්‍රවනතාවන්ට අභියෝගවලට මුහුණ දිය හැකි දරු පිරිසක් නිර්මාණය කිරීම සදහා ගරුවරයාගේ වගකීම සුවිශේෂි වුවකි.සමාජ ප්‍රගමනයෙහිලා මහගු මෙහෙවරක නියැලෙන්නන් අතර ගුරුවරු ප්‍රමුබයෝ වෙති.ස්වකීය ජීවිතය සකස් කර ගැනීම සදහා දරුවන්ට මගපෙන්වන්නෝ ගුරුවරුය.ඒ ගුරුවරුන්ගේ අතිමහත් කැපවීම හා මගපෙන්වීම මත පමණක් නොව දෙමාපිය ආදි සිසු සබැදියාවෙන් ලද ශක්තිය මත ජීවිත දිනන දරුවන්ගේ සාර්ථකත්වය හා ඔවුන්ගේ අභිමානය අන්‍ය ප්‍රජාව වෙත සම්ප්‍රේෂණය කිරීම අපගේ වගකීම බව සදහන් කරනු කැමැත්තෙමි.අප පාසල තොරතුරු තාක්ෂණ අංශයෙන් ද පසුගිය වසර පුරා විශාල දියුණුවක් අත්කරගෙන ඇත.මෙම කර්තව්‍ය සාර්ථක කර ගැනීම සඳහා උරදුන් සැමට මාගේ හෘදයාංගම ස්තූතිය පිරිනමන අතර දරු දැරියන්ගේ යහගුණ මෙන්ම අධ්‍යාපන කටයුතු දිනෙන් දින වර්ධනය වේවා යි ප්‍රාර්ථනා කරමි.
විදුහල්පති,
සේවාමුක්ත කදවුර මහා විද්‍යාලය