වඳිමු වඳිමු මාතා
ගයමු ගුණ ගීතා
- ලලිත කලා රමණි ජනිත බසේ රෑජිනි….//
සැරදේ රණසුරු සේවා කඳවුරු විදුහල් අප මාතා
හෙළ සාහිත අඹරේ ඔබ කිතු දද ඇඹරේ
සිප්කිරි අම දහරින් අප නාවා දිනේ දිනේ මෑණි
වඳිමු වඳිමු මාතා…./
මහ පැරකුම් ඈ නර විරුවෝ
ගුරුලු ගොමී වැනි කිවිසිරුවෝ
බිහිකළ ජය බිම සැඳි සිරි රංජිත
ඔබ වේ දෙන සුරබි
වඳිමු වඳිමු මාතා…./