![]() |
![]() |
![]() |
දිනෙන් දින සිසුන් වැඩිවෙත්දී නව ගොඩනැගිල්ලක අවශ්‍යතාවය දැනුණු අතර ප්‍රදේශයේ දානපතියෙකු වූ ඒ.ඒ.පී.වික්‍රමාරච්චි සමග සේවාමුක්ත කදවුරේ සිටි බටයන්ගේ ධන පරිත්‍යාගයෙන් නව1950දී කුඩා ගොඩනැගිලි සමන්විත වූ ගොඩනැගිල්ලක් ඉදිකිරීමට යෙදුණි. ඒ සදහා ගම්වැසියන්ද ශ්‍රමයෙන් දායක විය. වර්ෂ 1950 ජනවාරි 10 වැනි දින මුල්ගම ගම්මානයේ පැරණි කදවුරු ගොඩනැගිල්ලේ ආරම්භ වූ පාසලේ මුල් ගුරුතුමන් වූයේ ජේ.ආර්.සෝමා මහත්මිය . එතුමන් සමග වයි.ඒ.ද.සිල්වාද සිසු දරුවන් වෙනුවෙන් ස්වෙච්ඡාවෙන්ම ඉගැන්වීම් කටයුතු සදහා එක්වී ඇත. ප්‍ර දේශයට පාසලක අවශ්‍යතාවය තේරුම්ගත් ගම්වැසියන් ගේ ආරාධනයෙන් ගම්මුලාදෑනී ජේ.පී.සෝමපාල මහතාගේ ප්‍රධානීත්වයෙන් පාසලේ වැඩකටයුතු ආරම්භ කිරීමට යෙදනි.


