භාගත කිරීම්
Sinhala
Sinhala
English
Tamil
සේවාමුක්ත කදවුර මහා විද්‍යාලය
පොලොන්නරුව කලාපය
Register
Login
සේවාමුක්ත කදවුර මහා විද්‍යාලය
පොලොන්නරුව කලාපය
මුල් පිටුව
අපේ පාසල ගැන
ඉතිහාසය සහ සම්ප්‍රදායන්
ඉතිහාසය
නිර්මාතෘවරු
ආදි විදුහල්පතිවරු
අනන්‍යතාවය
පාසලේ පැතිකඩ
දැක්ම සහ මෙහෙවර
පාසල් ගීතය
ලාංඡනය හා ආදර්ශ පාඨය
පාසල් කොඩිය
පාසලේ නිල වර්ණ
පාසලේ නිල ඇඳුම
පාසලේ නිල නිවාස
නීති හා රෙගුලාසි
අධ්‍යයන
විෂය මාලාව
ප්‍රාථමික අංශය
ද්විතියික අංශය
පරිපාලනය
පරිපාලන ව්‍යුහය
පරිපාලන කමිටුව
අධ්‍යයන කාර්යමණ්ඩලය
විදුහල්පති පණිවිඩය
නියෝජ්‍ය විදුහල්පති
අධ්‍යයන කාර්යමණ්ඩලය
අනධ්‍යයන කාර්ය මණ්ඩලය
ශිෂ්‍ය නායක මණ්ඩලය
පුවත් සහ විශේෂ අවස්ථා
ජයග්‍රහණ
සමාජ හා සංගම්
ගැලරිය
අප හා සම්බන්ධ වන්න
භාගත කිරීම්
අපේ පාසල ගැන
Toggle navigation
ඉතිහාසය සහ සම්ප්‍රදායන්
ඉතිහාසය
නිර්මාතෘවරු
ආදි විදුහල්පතිවරු
Home
අපේ පාසල ගැන
ඉතිහාසය සහ සම්ප්‍රදායන්
ඉතිහාසය
ඉතිහාසය
සේවාමුක්ත විදු මාතාවගේ ඉතිහාසය
ක්‍රි.ව.1950 ජනවාරි 10 වන දින මෙම පාසල ආරම්භ කර ඇත්තේ දෙවන ලෝක මහා සංග්‍රාමයේදී දේශය වෙනුවෙන් හමුදාවට බැදුණු හමුදා නිලදාරීන් හා භටයින් සේවයෙන් මුද්‍ර කර පසු ඔවුන් සදහා ජනපදයක් පිහිටුවා ඔවුන්ගේ දරුවන්ට අධ්‍යාපනය ලබා පාසලක් ලෙස එදින මෙම පාසල ආරම්භ විය.ආරම්භක විදුහල්පති වුයේ Y.A ද සිල්වා මැතිතුමාය.සේවාමුක්ත ජනපදයට එදා මුලින්ම පැමිණි පිරිසගේ දරුවන් 20 දෙනෙකුගෙන් මෙම පාසල ආරම්භ වී අද එම පවුල් වල තුන්වෙනි පරම්පරාවේ දරුවන්ගේ පාසලක් බවට පත්වී ඇත.අද මෙම පාසල ග්‍රාම සේවා වසම් 21 දරුවන් 2000ක් පමණ පිරිසක් අධ්‍යාපනය ලබයි.එම පිරිස තමන්කඩුව,ලංකාපුර,දිබුලාගල ප්‍රාදේශීය ලේකම් කොට්ටාශ වලට අයත් වේ.පාසල් ඉතිහාසයේ වැදගත් සංසිද්දියක් ලෙස ක්‍රි.ව.1960 මෙම පාසල මහා විදුහලක් බවට පත්වීම පෙන්වා දිය හැකිය.ඒ අනුව අ.පො.ස.උසස් පෙළ සදහා කළා විෂය ධාරාව ආරම්භ විය.ක්‍රි.ව.1991 දී වාණිජ විෂය ධාරාවද එක් විය.පාසල් ඉතිහාසයේ ස්වර්ණමය යුගයක ආරම්භය 1996 දී සිදු විය.එවකට ජනදිපතිනිය ලෙස කටයුතු සිදු කල චන්ද්‍රිකා කුමාරතුංග බණ්ඩාරනායක මැතිනියගේ සංකල්පයකට අනුව ප්‍රාදේශීය උප දිසාපති කොට්ටාශ මට්ටමේ පාසල් සංවර්ධනය කිරීමයි.පසුව නවෝද්‍යා ව්‍යාප්තිය යටතේ පාසල සංවර්දනය විය.පසු කලක අ.පො.ස.උසස් පෙළ විෂය ධාරාවට විද්‍යාව,ගණිතය,කෘෂිකර්මය,ගෘහවිද්‍යා,සංගීතය,චිත්‍ර ඇතුලත් විය.2004 වර්ෂයේ නොවැම්බර් 9 වන දින මුල් ගල තබන ලද තාක්ෂණික ගොඩනැගිල්ල වැඩ ආරම්භ කර ඇත.නවීකරණය කරන ලද පුස්තකාල,ගෘහවිදයාගාර,උසස් පෙළ විද්‍යාගාර,පරිගණක විද්‍යාගාර හා ශ්‍රව්‍ය දෘශ්‍ය ඒකකය ස්ථාපිත වී ඇත.මේ අනුව අ.පො.ස. සා./පෙළ,උසස් පෙළ හා පහ ශ්‍රේණිය ශිෂ්‍යත්ව ප්‍රතිපල වර්ධනය වෙමින් පවතී.සංගීත,නැටුම්,චිත්‍ර,ක්‍රීඩා හා වෙනත් ක්ෂේත්‍ර වළ කුසලතා ජාතික මට්ටමට ගොස් ඇත.පාසල තුළ සිංහල සාහිත්‍ය සමිති,ඉංග්‍රීසි විද්‍යා සංගම් ක්‍රියාත්මක වේ.බාලිකා තූර්යවාදන කණ්ඩායම් ක්‍රියාත්මක වේ.පාසල් පිරියත ඉගෙනුම් ක්‍රියාවලියටද ආධාරක ලෙස මැනවින් සංවිධානය කෙරේ ආදර්ශ වන වගා,ඔසු උයන,එළිමහන් කාලගුණ විද්‍යාගාරය ඒ අතර වේ.තත්වය එසේ වුවද වර්ග අඩි 3200 පමණ පන්ති කාමර ඉඩ කඩ,ප්‍රමිතියට අනුකුලව වැසිකිලි/කැසිකිලි කට්ටල පාසලට අවශ්‍යව ඇත.මෙම බාධක ඉවත් වන්නේ නම් ඇතට කරගෙන යනු ලබන පිළිවෙල අනුව පලදායි පාසලක් කරා යන ගමන සාර්ථක ඉලක්ක වෙත යා හැකි බව පැහැදිලි වේ.